මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 10ක් මරුට

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 10ක් මරුට

මෙක්සිකෝවේ Guanajuato ප්‍රාන්තයේ Tarimoro හි El Jarras bar හි සිදු කරන ලද වෙඩි තැබීමකින් අවම වශයෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ශාලාවට තුවක්කු රැගත් මිනිසුන් එරට වේලාවෙන් රාත්‍රී 9 ට පමණ කඩා වැදී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ

පුද්ගලයන් 9 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් එක් අයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගිය බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

වෙඩි තැබූවන් විසින් වගකීම භාර ගෙන ඇති අතර Cartel de Santa Rosa de Lima නම් අපරාධ කණ්ඩායම විසින් අත්සන් කරන ලද කාඩ්පත් දෙකක් එම ස්ථානයේ දමා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෙඩි තැබීම අවසන් වූ පසු ඝාතකයන් මෝටර් රථවලින් පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This