මෙක්සිකෝවේදී සිදුවූ අනතුරකින් ට්‍රක් රථයක සැඟවී සිටි කියුබානු සංක්‍රමණිකයන් 10ක් මරුට

මෙක්සිකෝවේදී සිදුවූ අනතුරකින් ට්‍රක් රථයක සැඟවී සිටි කියුබානු සංක්‍රමණිකයන් 10ක් මරුට

දකුණු මෙක්සිකෝවේ චියාපාස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක සැඟවී සිටි කියුබානු සංක්‍රමණිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගෝතමාලා දේශසීමාව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ

අවම වශයෙන් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද සඳහන්

මියගිය අයගෙන් එක් අයෙකු කුඩා දරුවෙකු බවද විදෙස් මාධ්‍ය පවසනවා

ට්‍රක් රථයේ රියදුරු අනතුර සිදු වූ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ජාතික සංක්‍රමණ ආයතනය (INM) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

සංක්‍රමණිකයන් බොහෝ විට එක්සත් ජනපදයට ළඟා වීමට උත්සාහ කරන පැසිෆික් වෙරළ තීරයේ අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Share This