මෙට්‍රෝ රථයේ අසුන ලබානොදුන් කාන්තාවකට ප්‍රහාරයක්

මෙට්‍රෝ රථයේ අසුන ලබානොදුන් කාන්තාවකට ප්‍රහාරයක්

මෙට්‍රෝ රථයේ අසුනක් ලබා නොදීම හේතුවෙන් චීනයේ බීජිං හිදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට පහර දී තිබෙනවා.

65 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ එම පුද්ගලයා විසින් අදාළ කාන්තාවගෙන් ඇය වාඩි වී සිටි අසුන ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් කාන්තාව විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර අනතුරුව අදාළ පුද්ගලයා විසින් කෑ ගසමින් ඇයට පහර දී තිබෙනවා.

පසුව මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This