මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ජනවාරි මාසයේ දී 2.3% කින් ඉහළ ගොස් තිබෙනවා.

එය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 4392 සිට ඩොලර් මිලියන 4491 දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

එම විදේශ වත්කම් සංචිත අතර චීන මහ බැංකුවෙන් ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වනවා.

කෙසේවෙතත් එය භාවිත කිරීමේ දී කොන්දේසි පවතින බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

Share This