මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හඳුනා ගනී (වීඩියෝ)
මෙරටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 82 දෙදෙනෙක් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
ඒ අනුව මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 365ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට අමතරව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 06 දෙනෙක් ද හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.