මෙවර ඒෂියන් අචීවර්ස් අවෝර්ඩ්ස් හි සුවිශේෂී ගුවන්විදුලි සහකරු බවට පත්වූ ලයිකා රේඩියෝ

මෙවර ඒෂියන් අචීවර්ස් අවෝර්ඩ්ස් හි සුවිශේෂී ගුවන්විදුලි සහකරු බවට පත්වූ ලයිකා රේඩියෝ

එක්සත් රාජධානියේ විශාලතම ආසියානු ගුවන්විදුලි මධ්‍යස්ථානය වන ලයිකා රේඩියෝ (Lyca Radio) , 22 වැනි ඒෂියන් අචීවර්ස් අවෝර්ඩ්ස් (Asian Achievers Awards) සඳහා සුවිශේෂී ගුවන්විදුලි සහකරු ලෙස පත් කර තිබෙනවා.

ඒෂියන් අචීවර්ස් අවෝර්ඩ්ස් (Asian Achievers Awards) මගින් එක්සත් රාජධානියේ සිටින දේශපාලනය, ව්‍යාපාරික සහ සිවිල් සමාජය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා නායකත්ව තනතුරු දරන්නන්ගේ විශිෂ්ට ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කෙරෙනවා.

මෙම සම්මාන උළෙල ලබන සැප්තැම්බර් මස 20 වනදා ලන්ඩන් හිදී පැවැත්වීමට නියමිතයි.

ලයිකා රේඩියෝ (Lyca Radio) හි ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ ඒෂියන් අචීවර්ස් අවෝර්ඩ්ස් (Asian Achievers Awards) යනු දකුණු ආසියානු ප්‍රජාව තුළ දිගුකාලීනව ස්ථාපිත වූ සන්නාමයක් වන අතර ඒ සඳහා සහයෝගය දැක්වීමට හැකි වීම පිළිබඳව ඉතා සතුටට පත් වන බවයි.

එමෙන්ම ලයිකා රේඩියෝ (Lyca Radio) ශ්‍රාවකයින්ට පෙර නොවූ විරූ ලෙස ගුවන් තරංග හරහා සහ පුද්ගලිකව මෙම අවස්ථාව අත්විඳීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Share This