මෙවර නොබෙල් ත්‍යාග මුදල වැඩි කරයි

මෙවර නොබෙල් ත්‍යාග මුදල වැඩි කරයි

මෙම වසරේ නොබෙල් ත්‍යාගවල ජයග්‍රාහකයින්ට ලැබෙන ත්‍යාග මුදල වැඩි කර තිබෙනවා.

ඒ අනුව සමස්ත මූල්‍ය ත්‍යාගය ඩොලර් 986,000 දක්වා වැඩි කරන බවයි නොබෙල් පදනම අද (15) ප්‍රකාශ කළේ

පදනමේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය පිළිබිඹු කිරීම සඳහා මෙම වසරේ මුදල වැඩි කරන ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම නොබෙල් ත්‍යාගය ලබන ඔක්තෝබර් 2 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය මෙම වසරේ පළමු ත්‍යාගය වන අතර එය ඔක්තෝබර් 2 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලබන බව සඳහන්.

අනතුරුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන නොබෙල් ත්‍යාගයන් පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Share This