මේ වසරේ පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය කොළඹ

මේ වසරේ පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය කොළඹ

2024 වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ නැව් කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි

මේ අනූව 2024 වසරේදී කොළඹ වරාය 23.6%ක විශිෂ්ට වර්ධන වේගයක් වාර්තා කොට මෙහෙයුම් කාර්ය සාධනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ

එමෙන්ම වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා තිබෙනවා

Share This