මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

 

මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් අත් අඩංගුවට ගත්තා.

ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ 2013 වර්ෂයේදී මග නැගුම නාගරික අභ්‍යන්තර මාර්ග හා ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනට අදාලව කොන්ත්‍රාත් 112 ක් ප්‍රජාපාදක සමිති 12ක් වෙත තම අභිමතය මත කොන්ත්‍රාත් ප්‍රදානය කර , මුදල් ගෙවීමේ දී ගිවිසුම්ගත පාර්ශ්වයට හැර වෙනත් පාර්ශ්ව වෙත මුදල් රෙගුලාසිවලට පටහැනි ලෙස මුදල් ගෙවීමෙන් හා ව්‍යාපෘති සඳහා නීිති විරෝධී සහ සහ අයුුතු සහගත ලෙස මැදිහත් වීමෙන් දූෂණයක් සිදුකිරීම‍යි.

ඔහු අද දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කළා.

Share This