මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි

මොරොක්කෝවේ භූ කම්පනයෙන් මිය ගිය ගණන 2,000 ඉක්මවයි

මධ්‍යම මොරොක්කෝවේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම තවත් 1,400ක් පමණ බරපතල තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

මේ වනවිට එරට දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සිකුරාදා හටගත් මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් වාර්තා වුණා.

මෙම සිදුවීමත් සමග එරට ජනයා එළිමහනේ රාත්‍රිය ගත කිරීමට කටයුතු කළ අතර මේ වනවිට රාත්‍රී දෙකක් ඔවුන් එලෙස ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ.

Share This