මෝඛා සුළි කුණාටුවට බංග්ලාදේශය සූදානමින් – දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත

මෝඛා සුළි කුණාටුවට බංග්ලාදේශය සූදානමින් – දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත

මෝඛා සුළි කුණාටුව බංග්ලාදේශයේ මියන්මාරයට ආසන්න වීම හේතුවෙන් දහස් ගණනක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

සුළි කුණාටුව පැයට කිලෝමීටර් 175 ට වැඩි වේගයකින් හමා එනු ඇති බවට බංග්ලාදේශ කාලගුණ අංශ විසින් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින මෝඛා සුළි කුණාටුව මියන්මාරයේ Sittwe සහ බංග්ලාදේශයේ Cox’s Bazar අතර වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව සඳහන්.

විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ මියන්මාරයට දැඩි තර්ජනයක් එල්ල වන පළමු සුළි කුණාටුව මෙය වන අතර එරට Rakhine හි අවතැන් කඳවුරුවල සිටින 230,000 දෙනෙකුට වැඩි පිරිසක් කුණාටුවට ගොදුරු විය හැකි බවයි.

ඒ අනුව සුළි කුණාටුවෙන් ඇතිවන බලපෑමට සූදානම් වීම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට පියවර ගෙන ඇති මියන්මාර බලධාරීන් විසින් එරට පිහිටි දේවස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂිත කඳවුරු ස්ථාපිත කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

Share This