මෝටර් රථ 3,000ක් පමණ රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්

මෝටර් රථ 3,000ක් පමණ රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්

නෙදර්ලන්ත වෙරළට ඔබ්බෙන් මෝටර් රථ 3,000කට ආසන්න ප්‍රමාණයක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක විශාල ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම නෞකාව ජර්මනියේ සිට ඊජිප්තුව බලා ගමන් කරමින් තිබූ බවයි වාර්තා වන්නේ

නෞකාවේ සිටි කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මියගිය පුද්ගලයා ඉන්දීය ජාතිකයෙක් බව නෙදර්ලන්තයේ ඉන්දීය තානාපති කාර්යාලය සමාජ මාධ්‍ය සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා

ගින්න දින කිහිපයක් පැවතිය හැකි බවටයි නෙදර්ලන්ත වෙරළාරක්ෂකයින් අනතුරු අඟවා තිබෙන්නේ .

 

Share This