මෝදිගේ රජයට එරෙහිව විරුද්ධ පක්ෂ විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග දෙකක්

මෝදිගේ රජයට එරෙහිව විරුද්ධ පක්ෂ විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග දෙකක්

මනිපූර් ප්‍රාන්තයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව ඉන්දීය විරුද්ධ පක්ෂ විසින් පාර්ලිමේන්තුවට විශ්වාසභංග දෙකක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම ජනවාර්ගික ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇමතීමට විරුද්ධ පක්ෂ විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීම්ද කර තිබෙනවා.

බහුතර Meitei කණ්ඩායම සහ ගෝත්‍රික Kuki සුළුතර ප්‍රජාව අතර ප්‍රචණ්ඩත්වය ඇතිවීමෙන් පසු මැයි මාසයේ සිට අවම වශයෙන් පුද්ගලයින් 130 ක් මිය ගොස් දස දහස් ගණන් ජනතාව මනිපුර්හි අවතැන් වී ඇති බවද සඳහන්.

මෝදිගේ රජය 2014 වසරේ බලයට පත්වීමෙන් පසු විශ්වාසභංගයකට මුහුණ දෙන දෙවැනි අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ලෝක් සභාවට පමණක් වන අතර එය පිළිගනු ලබන්නේ අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ඊට සහය දෙන්නේ නම් පමණක් බවද විදෙස් මාධ්‍ය පවසනවා

එය පිළිගත් පසු කථානායකවරයා දින 10ක් ඇතුළත ඡන්ද විමසීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරනු ලබනවා .

Share This