
යක්කල පක්ෂ කාර්යාලයට ජ.වි.පෙ. – පෙරටුගාමීන් හැප්පෙයි
ගම්පහ, යක්කල ප්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයට අද (2) පැමිණි පෙරටුගාමී සාමාජිකයින් සිය පක්ෂ කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි චෝදනා කළා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිස් චෝදනා කරන්නෙ මෙම පක්ෂ කාර්යාලය වසර 14 කට ආසන්න කාලයක් තම පක්ෂය භාවිත කළ බවටයි.
කෙසේ නමුත් මෙම පක්ෂ කාර්යාලය මීට පෙර ජ.වි.පෙ. ගම්පහ කාර් යාලය ලෙස භාවිත වී ඇති අතර පක්ෂය දෙකඩවීමෙන් පසුව නඩුවක් පවරා මීට කළකට පෙර නීතියෙන් ජ.වි.පෙ. ට අයත් බවට තීරණය කිරීමෙන් පසුව එම භූමිය හිමිකරු එම කාර්යාලයට තම පක්ෂයට නීත්‍යනුකූල ඔප්පුවකින් පවරා දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් සදහන් කළා.
අද පෙරවරුවේ තම කාර්යාලය ඉදිරිපිටට පැමිණි පෙරටුගාමී පක්ෂයේ පිරිසක් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ ගත් බව පැවසුවා.
පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයින් පවසන්නේ නඩු තීන්දුවක් ඇතැයි පවසමින් මෙම ස්ථානයට කඩා පැනීම කිසිසේත් යුක්ති සහගත නොවන බවයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතා පෙන්වා දුන්නේ යම් ස්ථානයකින් ඉවත් කිරීමට අවශ්‍ය නම් නිත්‍යානුකූලව ෆිස්කල් නියෝගයක් සමඟ පැමිණ එය කළ යුතුව තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතාගෙන් අප කළ විමසුමකදී පැවසුවේ මෙම සිද්ධිය පිළිබදව තමන් කිසිවක් නොදන්නා බවයි.
මීට පෙර දෙපිරිස සුහදව කටයුතු කළ බව ද ඔහු පැවසුවා.
මෙම ස්ථානයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් පැවසුවේ මෙම කාර්යාලයේ අයිතිය පිළිබද මතුවූ ගැටලුවක් හේතුවෙන් අධිකරණයේ පැවති නඩු විභාගයකින් එය ජ.වි.පෙ. ට හිමි වීමෙන් පසුව අනතුරුව තමන් කාර්යාලය ලෙස භාවිත කළ බවයි.