යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ,බිරිද සහ දියණිය නිවස තුල මරුට

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ,බිරිද සහ දියණිය නිවස තුල මරුට

ඊයේ රාත්‍රියේ හෝ අද අළුයම් කාලයේ පේරාදෙනිය ,යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුල පිරිමි පුද්ගලයකු සහ දැරියක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.

පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 52 ක් වන අතර කාන්තාවගේ වයස අවුරුදු 44 ක්. පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ දැරියගේ වයස අවුරුදු 17 ක් බවයි.

මියගිය පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ලෙස කටයුතු කළ අයෙක්.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි.

Share This