
යාපනය සරසවි පුස්තකාල සිවිලිමෙන් ගිනි අවියක් ඇතුලු උන්ඩ තොගයක් මතුවේ
යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ වහලයේ සිවිලිමක් මත තිබී ජීව උණ්ඩ තොගයක් සහ ටී. 56 ගිනිවියක් ඊයේ යාපනය ,කෝපායි පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ වහල පිළිසකර කිරීමට ගිය පිරිසක් පළමුව මෙම ගිනි අවිය සහ පතුරම් දැක ඇති බවයි.
අනතුරුව අදාල පුද්ගලයින් ඒ පිළිබඳ විශ්වවිද්‍යාල බලධාරීන් දැනුවත් කර තිබෙනවා.
විශ්වවිද්‍යාල බලධාරීන් ඉන් අනතුරුව පොලීසිය දැනුවත් කර යාපනය මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් ලබාගෙන පොලීසිය එම ස්ථානය පරීක්ෂාවට ලක්කළා.
යාපනය විශේෂ කර්ය බලකා නිලධාරීම් මෙම සිවිලිම පරීක්ෂා කිරීමේදී උන්ඩ 59 ක් සමග පතුරන් මැගසින් 2 ක් සොයා ගත්තා.
අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී ටී. 56 ගිනි අවියක් සහ තවත් පතුරන් 130 ක් සමග මැගසින් දෙකක් ද සොයා ගෙන තිබුණා.
මීට අමතරව වයර් රෝල් කිහිපයක්, තුවාල සඳහා ප්‍රතිකාර කරන ඖෂධ තොගයක් අදාල සිවිලිමේ සඟවා තිබී හමුව තිබෙනවා.
පොලීසිය භාරයට ගත් මෙම ගිනි අවිය ඇතුලු උනඩ තොගය යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

