යුක්‍රේන ගැටුමේදී උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල භාවිතා කරන බවට එක්සත් ජනපදයෙන් රුසියාවට චෝදනා

යුක්‍රේන ගැටුමේදී උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල භාවිතා කරන බවට එක්සත් ජනපදයෙන් රුසියාවට චෝදනා

රුසියාව යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී උතුරු කොරියාව විසින් සපයන ලද බැලස්ටික් මිසයිල භාවිතා කර ඇති බව එක්සත් ජනපදය පවසනවා

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක John Kirby එය රුසියාවට Pyongyang ලබාදෙන සහාය සම්බන්ධව සැලකිය යුතු කාරණාවක් ලෙසයි හඳුන්වා ඇත්තේ

ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අමතමින් John Kirby පැවසුවේ රුසියාව උතුරු කොරියාවෙන් බැලස්ටික් මිසයිල මිලදී ගැනීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බොහෝ යෝජනා සෘජුවම උල්ලංඝනය කිරීමක් බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජනපදය මෙම කාරණය මතු කරන බවත් ආයුධ හුවමාරුව සඳහා පහසුකම් සැලසීමට කටයුතු කරන අයට අමතර සම්බාධක පනවන බවත් ඔහු සඳහන් කරනවා

මොස්කව් එවැනි සහයෝගීතාවයක් ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ

ධවල මන්දිරය මෙම ප්‍රකාශය සිදුකර පැය කිහිපයකට පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මිසයිල දියත් කිරීමේ වාහන නිෂ්පාදනය රට තුළ පුළුල් කරන ලෙස ඉල්ලා තිබෙනවා

උතුරු කොරියානු නායකයා පසුගිය සැප්තැම්බර් මාසයේදී හමුදා සහයෝගීතා සාකච්ඡා කිරීමට රුසියාවට ගිය අයුරුද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

රුසියාව ඉරානයෙන් මිසයිල මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපදය විශ්වාස කරන නමුත් එය තවමත් එය කර නොමැති බවයි John Kirby පවසන්නේ

මේ අතර රුසියාව විසින් උතුරු කොරියාවෙන් ලබාගත් බැලස්ටික් මිසයිල යුක්‍රේනයේ භාවිතා කිරීම දැඩිව හෙළා දකින බවද එක්සත් රාජධානිය ප්‍රකාශ කර තිබෙනවා

Share This