යුක්‍රේන ජනපති ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට

යුක්‍රේන ජනපති ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවක් අත්අඩංගුවට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ මෙය රුසියානු කුමන්ත්‍රණයක් බවත් ඒ සම්බන්ධයෙන් කාන්තාවක් සැක පිට අත්අඩංගුවට ගත් බවත්ය

පසුගිය ජුනි මාසයේදී Kakhovka වේල්ල කැඩී යාමෙන් ගංවතුරෙන් පීඩාවට පත් Mykolaiv නගරය වෙත කළ  යුක්‍රේන ජනපතිගේ සංචාරයට පෙර එම ගමන් විස්තරය සොයා ගැනීමට ඇය උත්සාහ කර ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ

අත්අඩංගුවට ගැනීම පිළිබඳව යුක්‍රේනයේ ආරක්ෂක අංශ තමාට දන්වා ඇති බව Volodymyr Zelensky තහවුරු කර තිබෙනවා

ඇයව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් අදහස් දක්වා නොමැති බවද සඳහන්

මෙම කාන්තාව රුසියානුවන්ට බුද්ධි තොරතුරු ලබා දීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාවගේ සහ නිලධාරීන්ගේ මුහුණු බොඳ කරමින් ඡායාරූපයක් ද නිකුත් කර තිබෙනවා

කෙසේවෙතත් යුක්‍රේන ජනපතිගේ සංචාරයට පෙර කුමන්ත්‍රණය පිළිබඳව දැනුවත් කරමින් අතිරේක ආරක්ෂක විධිවිධාන යෙදවූ බවද ආරක්ෂක අංශ පවසනවා .

සැකකාරිනිය විසින් රුසියානු හමුදාවට ඉලක්ක කළ හැකි පතොරම් සහිත ඉලෙක්ට්‍රොනික යුධ පද්ධති සහ පතොරම් සහිත ගබඩා ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දීමට උත්සාහ කර ඇති බවද සඳහන්

යුක්‍රේනයේ ආරක්ෂක අංශවලට අනුව, සැකකාරිනිය ජූලි මාසයේදී යුක්‍රේන ජනපති සංචාරය කළ Ochakiv නම් කුඩා නගරයේ ජීවත් වූ අතර එහි හමුදා කඳවුරක සාප්පුවක සේවය කර තිබෙනවා

යුක්‍රේන ජනපති එහි සංචාරය කරන අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් සැකකාරිනිය අත්අඩංගුවට නොගත් අතර ජනාධිපතිවරයාට ප්‍රහාරයක් එල්ල වීම වැලැක්වීමට ආරක්ෂක පියවර ගත් බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ

කෙසේවෙතත් ඇයගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටි ආරක්ෂක අංශ  සැකකාරිනිය එම ප්‍රදේශයේ රිය පැදවූ බවත් යුක්‍රේන හමුදා කඳවුරුවල ඡායාරූප සහ වීඩියෝ ගත කර ඇති බවත් පවසනවා

වරදකරු වුවහොත් ඇයට වසර 12ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This