යුක්‍රේන සටන්වලදී රුසියානු අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා

යුක්‍රේන සටන්වලදී රුසියානු අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා

යුක්‍රේන සටන්වලදී රුසියානු අණ දෙන නිලධාරීන් දෙදෙනෙකු මිය ගිය බව එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා

ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ දී රුසියානු හමුදා සටන් මෙහෙයවමින් සිටිය දී කර්නල් Vyacheslav Makarov සහ කර්නල් Yevgeny Brovko යන නිලධාරීන් දෙදෙනා මිය ගිය බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔවුන් ඝාතනය කළේ කවදාද, කොතැනකද යන්න නිශ්චිතව සඳහන් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

4 වන මෝටර් රථ රයිෆල් බළකායේ අණදෙන නිලධාරි කර්නල් Vyacheslav Makarov යුද පෙරමුණේ ඉදිරියෙන් සිටිමින් සටන මෙහෙයවා ඇති බවත් හමුදා බලකායේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා වන Yevgeny Brovko සතුරු ප්‍රහාර මැඩලීමේ භට පිරිස් මෙහෙයවූ බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා

Share This