යුක්‍රේනයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් 10 හැවිරිදි දරුවෙක් නින්දේදී මරුට

යුක්‍රේනයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් 10 හැවිරිදි දරුවෙක් නින්දේදී මරුට

යුක්‍රේනයේ Kharkiv නගරයේ නේවාසික ගොඩනැගිල්ලකට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 10 හැවිරිදි පිරිමි දරුවෙකු නිදා සිටියදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිරිමි ළමයාගේ සිරුර සුන්බුන් මැද වැටී ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍යවල මේ වන විට පළ කර තිබෙනවා.

Iskander යනු රුසියානු බැලස්ටික් මිසයිලයක් වන අතර එය යුක්‍රේනයේ දේශසීමා නගරය වන Kharkiv වෙත තත්පර කිහිපයකින් පැමිණි බවයි එරට ආරක්ෂ්ක අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් 30 දෙනෙකු සිටින බවද සඳහන්.

එමෙන්ම මියගිය 10 හැවිරිදි දරුවාගේ මාස 11ක් වයසැති බාල සොහොයුරා ද දැඩි තුවාල ලබා තිබෙනවා.

Kharkiv නගරයට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සියලු දෙනාට තම ශෝකය පළ කරන බවයි යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ.

Share This