යුක්‍රේනයට එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයෙන් නිවාස රැසකට හානි -මියගිය ගණන ඉහළට (VIDEO )

යුක්‍රේනයට එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයෙන් නිවාස රැසකට හානි -මියගිය ගණන ඉහළට (VIDEO )

බටහිර යුක්‍රේනයේ Lviv නගරයේ මහල් ගොඩනැගිල්ලකට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් මියගිය ගණන සිව් දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා

Lviv නගරයේ නගරාධිපතිවරයා පවසන්නේ තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට තහවුරු වී ඇති බවයි

එමෙන්ම මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මහල් නිවාසයෙන් බේරාගෙන ඇති බවත්, තවත් පුද්ගලයින් සුන්බුන් යට සිරවී සිටිය හැකි බවට බියක් පවතින බවත් බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත නිලධාරීන් පවසනවා

ගොඩනැගිලිවල වහලවල් රැසක් කැඩී බිඳී ගොස් ඇති අතර පාසලකට සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද හානි සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This