යුක්‍රේනයේ සටන්වල දී රුසියානු භටයින් 20,000කට වැඩි පිරිසක් මරුට – එක්සත් ජනපදය

යුක්‍රේනයේ සටන්වල දී රුසියානු භටයින් 20,000කට වැඩි පිරිසක් මරුට – එක්සත් ජනපදය

පසුගිය දෙසැම්බර් මාසයේ සිට යුක්‍රේනයේ සටන්වල දී රුසියානු භටයින් 20,000කට වැඩි පිරිසක් මිය ගිය බව එක්සත් ජනපදය ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

බුද්ධි තොරතුරු උපුටා දක්වමින් එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර තිබෙන්නේ තවත් 80,000ක් පමණ තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් අඩක් නැගෙනහිර බක්මුට් නගරයේදී මිය ගොස් ඇති බවත් රුසියාව පසුගිය වසරේ සිට මෙම කුඩා නගරය අල්ලා ගැනීමට උත්සාහ කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This