යුක්රේනයට උදව් කරන්න බයිඩන් කොන්ග්රසයෙන් මුදල් ඉල්ලයි
යුක්රේනයට සහය දැක්වීම සඳහා මිලිටරි, ආර්ථික සහ මානුෂීය ආධාර වශයෙන් ඩොලර් බිලියන 33 ක් ඇමෙරිකානු ජනාධිපති බයිඩන් කොන්ග්රසයෙන් ඉල්ලා තිබෙන බව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ එක්සත් ජනපද නීති සම්පාදකයින් මෙම ගනුදෙනුව අනුමත කිරීම “තීරණාත්මක” බවත්, එය යුක්රේනය ආරක්ෂා කර ගැනීමට උපකාරී වනු ඇති බවත්ය.
මෙම යෝජනාවට ඩොලර් බිලියන 20 කට වඩා මිලිටරි ආධාර, ඩොලර් බිලියන 8.5 ක ආර්ථික ආධාර සහ ඩොලර් බිලියන 3ක මානුෂීය ආධාර ඇතුළත් වන බවද සඳහන්
එක්සත් ජනපදය රුසියාවට පහර නොදෙන බවත් රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේනය ආරක්ෂා කිරීමට උදව් කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරනය කරනවා