යුනෙස්කෝ වේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය මෙන්න

යුනෙස්කෝ වේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය මෙන්න

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රි ලංකාව සදහා වු ජාතික කොමිෂන් සභාවේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීමී ඊයේ (29) බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන් සිදුවුණා.

ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ සභාපතිත්වය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ආග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් දරන අතර උපසභාපතිත්වය දරන්නේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතායි.

අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතික, ජන සන්නිවේදනය, සමාජ විද්‍යාව සහ පරිසරය යන විෂයයන්ට අදාළ යුනෙස්කෝ සංවිධානයේ නිර්ණායකයන්ට අනුව දේශීය සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීමට අදාළ සියලු අමාත්‍යාංශ එක්ව කටයුතු කිරීම මෙම සභාව පිහිටුවීමේ අරමුණයි.

 

 

Share This