යුපුන්ට ලැබුණු ජය

යුපුන්ට ලැබුණු ජය

2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (07) ඉතාලියේදී සහභාගී වූ ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින්.

එය යුපුන් අබේකෝන් මෙම වසරේ දී සහභාගිවූ පළමු ධාවන තරගය වනවා.

එම ධාවන ඉසව්ව අවසන් කිරීම සඳහා යුපුන් අබේකෝන්ට තත්පර 20.60ක කාලයක් ගත වුණා.

Share This