
රජය සහල් ආනයන ප්‍රතිපත්තියට ගොවි විරෝධයක්
රජය සහල් ආනයනය සඳහා ගත් තීරණයට පාර්ශ්ව රැසක් සිය විරෝධය පළ කරනවා.
ගොවීන් මැසිවිලි නගන්නේ මෙවන් පසුබිමක අම්පාර දිස්ත්‍රික්කයේ වී සඳහා නිසි මිලක් නොමැතිවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණපා ඇති බවයි.
මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම අම්පාර දිස්ත්‍රික්කයේ දමන, දකුණු ඉවුර, හිඟුරාන, වානගමුව, ඉලුක්හේන ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා.
මෙවන් පසුබිමක් තුළ මහත් පරිශ්‍රමයක් දරා ගොවිතැන් කටයුතුවල නිරත වූවත් මේ වන විට වෙළඳපොළේ වී මිල රුපියල් 80 ත් 90 ත් දක්වා පහත වැටී ඇති බවට ගොවීන් පවසනවා.
මේ අතර, මහවැලි බී කලාපයේ අරලගන්විල, දම්මින්න, නුවරගල සහ කජුවත්ත වැනි ප්‍රදේශවල මේ දිනවල වී වගා කටයුතුවල නිරත ගොවීන් පවසන්නේ සිය වී වගාවට දින 55 ක කාලයක් ගතව ඇතත් ගොයම් පැල නිසියාකාරයෙන් වර්ධනය වී නොමැති බවයි.
වෙළඳපොළේ යූරියා පොහොර හිඟතාව හේතුවෙන් වගාවන්ට අවශ්‍ය පොහොර යොදාගැනීමට නොහැකිවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස ගොවීන් පෙන්වා දෙනවා.