රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හෙට

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට 2022 වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම හෙට (19) සිදු කෙරෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

සියලු විදුහල්පතිවරුන් වෙත මීට අදාළ දැනුම්වත් කිරීම් කර ඇති බවයි සඳහන් කර තිබෙන්නේ.

මේ දක්වා අභියාචනා සම්බන්ධ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇති පාසල් කිහිපයක පමණක් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවත්, දින කිහිපයක් ඇතුළත එම කටයුතු අවසන් කර සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ පාසල් පියවර ගනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම්වරිය පවසනවා.

 

Share This