
රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
අද (11) උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.
එම සංගමය පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවේදී එළඹි එකඟතාවන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින් මෙම තීරණයට එළඹි බවයි.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටළුවට අදාළ කරුණු සහ එකඟතාවයන් ක්‍රියාත්මක වීමට අදාල ප්රවණතාවයන් සමීපව නිරීක්ෂණය මෙහි දී දෙපර්ශ්වයේ අවදානයට ලක්ව තිබෙනවා.
ක්‍රමවත් සහ දෝෂ සහිතව ප්‍රකාශයට පත් කරන ලද, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව නිවැරදි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය යුතු අතර, නිවැරදි ක්‍රමවේදය මත සකස් කරන ලද පුරප්පාඩු ලැයිස්තුව ප්‍රකාශයට පත් වන තුරු, වෘත්තිය ක්‍රියාමාර්ගයක් ලෙස එම ලැයිස්තුවට අයදුම් කිරීමෙන් සියලු පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් වැළකී සිටීමට ද තීරණය කර තිබෙනවා.