රජයේ සේවකයින්ගේ මාසික වැටුප වැඩි වෙයිද ?

රජයේ සේවකයින්ගේ මාසික වැටුප වැඩි වෙයිද ?

ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

2015 වසරේ දී යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් අතර මේ අවස්ථාවේදී කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙන බවයි එම පුවත්පතේ සඳහන් කර තිබෙන්නේ

මෙම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිත බවද එහි සඳහන් කර තිබෙනවා

Share This