
රණවිරුවන්ගේ පදිංචිය සඳහා කොන්දේසි විරහිත සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහනක්
සක්‍රීය ක්‍රියාන්විතයේ රාජකාරී කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ, සිවිල් ආරක්ෂක බලකායේ දිවි පිදූ සහ ආබාධිත වූ රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් පදිංචිය සඳහා ලබා දී ඇති ඉඩම් සඳහා කොන්දේසි විරහිතව හා ගාස්තු අය කිරීමකින් තොරව සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය මඟින් මෙහෙයවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
එමෙන්ම මෙරට සෑම බිම් අඟලකටම සියලුදෙනාට බියකින් සැකයකින් තොරව යාමට ඉඩ ප්‍රස්ථාව උදා කර දීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ වීරෝධාර රණවිරුවන්ට මව්බිමේ බිම් කැබැල්ලක අයිතිය තහවුරු කර දීම මෙහි අරමුණයි.