රතු මුහුදේ නැව්වලට පහරදෙන හවුතිවරු කවුද? – ගෝලීය ආර්ථිකය අවදානමක (VIDEO)

රතු මුහුදේ නැව්වලට පහරදෙන හවුතිවරු කවුද? – ගෝලීය ආර්ථිකය අවදානමක (VIDEO)

යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉරානයේද සහය ඇතුව රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හවුති කැරලිකරුවන් පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලය දියත් කර ඇති මිලිටරි මෙහෙයුමට එරෙහිව පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාර ආරම්භ කර ඇති බවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් ලෝකයේ විශාලතම නාවික සහ තෙල් සමාගම් කිහිපයකට ලොව වැදගත්ම සමුද්‍රීය වෙළඳ මාර්ගයක් හරහා ගමන් කිරීම අත්හිටුවීමට බල කර ඇති අතර එමගින් ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ.

හවුතිවරුන් ඉරානය විසින් සන්නද්ධ කර පුහුණු කරන අතර, ඔවුන්ගේ ප්‍රහාර මගින් හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බවට බියක් පවතින බව අන්තර්ජාතික ආරක්ෂක අංශ පෙන්වා දී තිබෙනවා.

හවුති සංවිධානය, Ansarallah (දෙවියන්ගේ ආධාරකරුවන් ) ලෙස හඳුන්වන අතර දශකයකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලී ගිය යේමන සිවිල් යුද්ධයටද ඔවුන් හේතු වී තිබෙනවා.

හවුති සංවිධානය 1990 ගණන්වලදී ආරම්භ වූ අතර එහි නායක Hussein al-Houthi විසින් , සයිඩිස්වාදය(Zaidism) නම් ශියා ඉස්ලාමයේ සියවස් ගණනාවක් පැරණි උප නිකායක් සඳහා ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස “Believing Youth” ලෙසින් හවුති සංවිධානය දියත් කළ බව සඳහන්.

සයිඩිස්වාදය සියවස් ගණනාවක් යේමනය පාලනය කළ නමුත් 1962 සිවිල් යුද්ධයෙන් පසුව බලයට පත් වූ සුන්නි පාලනය යටතේ එය ඉවත් වී තිබෙනවා.

Hussein al-Houthiගේ ව්‍යාපාරය ආරම්භ වූයේ සයිඩිවරුන් නියෝජනය කිරීමට සහ රැඩිකල් සුන්නිවාදයට, විශේෂයෙන් සෞදි අරාබියේ වහාබි අදහස්වලට ප්‍රතිරෝධය දැක්වීමටයි.

පසුව Hussein al-Houthiගේ සමීපතම අනුගාමිකයන් හූතිවරුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

භූගෝලීය හා තාක්‍ෂණයේ එකතුවක් හරහා හවුතිවරුන්ට හමාස් සහ හිස්බුල්ලා තරම් ශක්තියක් නොමැති වුවත් , රතු මුහුදේ වාණිජ යාත්‍රාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර නිසා ඊශ්‍රායලයට සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවලට බලපෑමක් එල්ල කිරීමේ හැකියාව පවතිනවා.

යේමනයේ වෙරළට ඔබ්බෙන් ඇති Bab-el-Mandeb සමුද්‍ර සන්ධියේ සිට උතුරු ඊජිප්තුවේ සූවස් ඇළ දක්වා දිවෙන මෙම පටු මුහුදු තීරය ගෝලීය ආර්ථිකයට වැදගත් වන අතර ඒ හරහා 12% ගෝලීය වෙළඳාම සඳහා වන අතර එහි ගෝලීය බහාලුම් ප්‍රවාහනය 30%ක් පමණ වනවා.

2021 දී, Ever Given නම් නෞකාව සූවස් ඇළේ ගිලී, සතියකට ආසන්න කාලයක් අත්‍යවශ්‍ය වෙළඳ ධමනිය අවහිර කරමින් දිනකට ඩොලර් බිලියන 10 ක් තරම් භාණ්ඩ ප්‍රමාණයක් රඳවාගෙන සිටීම මගින් ගෝලීය සැපයුම් දාමයට ඇති වූ බාධා දිගු කාලයක් පැවතුණා.

දෙසැම්බර් 9 දා සිට දිනපතාම වාගේ වාණිජ යාත්‍රාවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන හවුතිවරුන්ගේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර නිසා ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන බව සඳහන්.

ලොව ප්‍රධාන නැව් සමාගම් පහෙන් හතරක් වන Maersk, Hapag-Lloyd, CMA CGM Group සහ Evergreen යන සමාගම් විසින් හවුති ප්‍රහාර පිළිබඳ භීතිය මධ්‍යයේ රතු මුහුද හරහා නැව් ගමනාගමනය නවත්වන බව නිවේදනය කර තිබෙනවා.

තෙල් දැවැන්තයා ලෙස සළකන BP සමාගමද පැවසුවේ එයම කරන බවයි.

මෙය ගෝලීය වශයෙන් තෙල් හා ගෑස් මිල ඉහළ යාමට හේතුවන බවයි විශේෂඥයින් සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාර හේතුවෙන් නැව්වලට අප්‍රිකාව වටා දිගු ගමනක් යාමට සිදුවන අතර අතර රක්ෂණ වියදම් පියවා ගැනීම සඳහා එය පාරිභෝගිකයින් වෙත පැවරිය සිදුවන බව එම සමාගම් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් හවුතිවරුන් පවසන්නේ ඊශ්‍රායලය විසින් සම්පුර්ණයෙන්ම ගාසා තීරයට ආහාර සහ ඖෂධ ඇතුළු කිරීමට අවසර දීමෙන් අනතුරුව රතු මුහුදේ නැව්වලට එල්ල කරන ප්‍රහාර නවතා දැමීමට කටයුතු කරන බවයි.

මෙම ප්‍රහාර මගින් තවත් රටවල් ගැටුමට ඇද ගැනීම හවුතිවරුන්ගේ අරමුණ විය හැකි බව ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාව හවුතිවරුන්ගේ අරමුණුවලට එකඟ නොවන්නේ නම් හවුතිවරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට සූදානම් බවයි ඊශ්‍රායලය නිවේදනය කරන්නේ.

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශක Tzachi Hanegbi පවසන්නේ හවුති ප්‍රහාර නාවික වැටලීමක් ලෙස සඳහන් කරමින් එය ගෝලීය ගැටලුවක් නිසා එය විසඳීමට ගෝලීය විධිවිධානයක් අවශ්‍ය බවයි.

Share This