රන් මිල ඉහළ යාමක්
ලෝක වෙළඳපොළේ රන් මිල මෙම සති අන්තයේ දී ඉහළ යාමක් දක්නට ලැබුණා.
ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මතුව ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිත තාවය හමුවේයි ලෝක වෙළඳපොළේ මෙලෙස රත්‍රං මිල ඉහළ ගොස් ඇත්තේ.
ඒ අනුව රන් අවුන්සයක මිල සති අන්තය වනවිට ඇමරිකානු ඩොලර් 1,783 දක්වා ඉහළ ගියා.
කෙසේ වෙතත් වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරි සති තුන හතරක කාලය තුළ එහි පහත වැටීමක් අපේක්ෂා නොකරන බවයි.