රනිල් ජනාධිපති අපේක්ෂකයා කරන්න ඇමති ප්‍රසන්නගෙන් යෝජනාවක්
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් අද (21) පැවති එක්ව ජයගමු ජන රැලියේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා
කඩවත, බස්නැවතුම්පොළ භූමියේ පැවති මෙම රැළියේදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්
එහිදී වේදිකාවේ රැඳී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 28 දෙනෙකු හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් 380 දෙනෙකු මෙන්ම රැස්වීමට සහභාගී වූ ජනතාව ද අත් ඔසවමින් එම යෝජනාව ඒකමතිකව සම්මත කර තිබුණා
එහිදී ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ
කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේ දී පිළිතුරු ලබා දෙන බවයි