
රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට
රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු හට මෙවර හිමිව තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් නොබෙල් ත්‍යාගය සඳහා නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රෝටීනයක පරිගණකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීම සම්බන්ධයෙන් ඩෙමිස් හසාබිස් සහ ජෝන් එම්. ජම්පර් යන විද්‍යාඥයින් වෙත පිරිනමා තිබෙනවා.