රෆා හරස් මාර්ගය විවෘත කිරීමට ඊජිප්තු ජනපතිගෙන් අවසර – බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් අද ඊශ්‍රායලයට

රෆා හරස් මාර්ගය විවෘත කිරීමට ඊජිප්තු ජනපතිගෙන් අවසර – බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් අද ඊශ්‍රායලයට

ඊජිප්තුවේ ජනාධිපති Abdel Fattah al-Sisi ගාසා තීරයේ පිහිටි රෆා හරස් මාර්ගය විවෘත කිරීමට එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ අනුව ගාසා තීරයට ඇතුළු වන ආධාර ට්‍රක් රථ 20ක් දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති

මෙම එකඟතාව පළවී ඇත්තේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ ඊශ්‍රායල සංචාරයෙන් පසුව වීමද විශේෂත්වයක් .

ආධාර බෙදා හැරීම සිකුරාදා සිට ආරම්භ කළ හැකි බව ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

රෆා හරහා ගාසා තීරයෙන් පිටවීමට මිනිසුන්ට අවසර දීම ගැන සඳහනක් කර නොමැති නමුත් මිනිසුන් ඉවත් කරන බව ජනාධිපති ජෝ බයිඩන් එරට මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබෙනවා

මේ අතර අද (19) බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊශ්‍රායලයට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කරන අතර එහිදී ඔහු අගමැති Benjamin Netanyahu සහ ඊශ්‍රායල ජනාධිපති Isaac Herzog හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් විසින් ගාසා හි අල් අහ්ලි රෝහලේ විනාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දොස් පැවරූ නමුත් ඊශ්‍රායල හමුදාව පවසන්නේ මෙම පිපිරීම පලස්තීන රොකට් ප්‍රහාරයක් නිසා සිදුවූවක් බවයි.

Share This