රෆාහි දරුණු සටන් අවසන් වීමට ආසන්න බව ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

රෆාහි දරුණු සටන් අවසන් වීමට ආසන්න බව ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රකාශයක්

දකුණු ගාසා තීරයේ රෆාහි සටන්වල ​​”දැඩි අවධිය” බොහෝ දුරට අවසන් වී ඇති නමුත් යුද්ධය අවසන් වන බවක් මින් අදහස් නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම බලයෙන් පලවා හරින තුරු යුද්ධය දිගටම පවතිනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

හිස්බුල්ලා සංවිධානය සමඟ වෙඩි හුවමාරුව උත්සන්න වෙමින් පවතින ලෙබනනයේ දේශසීමා වෙත හමුදා යළි යෙදවීමට ඊශ්‍රායල හමුදාවට ඉක්මනින් හැකිවනු ඇතැයිද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Share This