රාජස්ථාන්හි දී සිදුවූ අනතුරකින් 4ක් මරුට – 34කට තුවාල

රාජස්ථාන්හි දී සිදුවූ අනතුරකින් 4ක් මරුට – 34කට තුවාල

රාජස්ථාන්හි දී මගීන් 70කට අධික පිරිසක් රැගත් බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව Dausa Collectorate වටරවුම අසලදී ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා

හරිද්වාර් සිට ජායිපූර් බලා යමින් තිබූ මෙම බස් රථය අඩි 30ක් පහළට පෙරලී දුම්රිය මාර්ගයකට වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (05) රාත්‍රියේ මෙම සිදුවීම සිදුවී ඇති අතර තුවාලකරුවන් සියලු දෙනා ගිලන්රථවලින් Dausa දිස්ත්‍රික් රෝහල වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්

අසාධ්‍ය තත්ත්වයන් හේතුවෙන් මගීන් නව දෙනෙකු ජායිපූර් වෙත යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

මිය ගිය අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ සිරුරු Dausa දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ

මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වූ අතර පැය කිහිපයක් දුම්රිය ගමනාගමනය ද නතර වී තිබෙනවා .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This