
රු. බිලියන 85කට වැඩිය අපේ රටේ ඖෂධ වලට වසරකට වැය කරනවා.
නිවැරදි මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නම් මෙරට ජනතාව භාවිත කරන ඖෂධ, හරි අඩකින් අඩු කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ ජනතාව හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමත් බරපතල ගැටලුවක්ව ඇති බවයි.
මෙරට අවශ්‍යතාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කාණ්ඩ 863ක් යටතේ ඖෂධ මිලදී ගන්නවා.
ඒ සඳහා වාර්ෂිකව වැය කරන මුදල රුපියල් බිලියන 85කට අධිකයි.
මේ අතර මෙරට ජනතාව හිතුමනාපෙට ඖෂධ භාවිතා කිරීම බරපතල ගැටලුවක් වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
ඊට අමතරව වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ නිර්දේශ කිරීමේ ක්‍රමවේදය ද වෙනස් විය යුතු බවයි.
එම වෙනස්කම් සිදු වුවහොත් වාර්ෂිකව මෙරට භාවිත කරන ඖෂධ කාණ්ඩ 450-500 ත් අතර අඩු කිරීමට මෙන්ම ඖෂධ සඳහා වැය වන මුදල ද විශාල ලෙස පහත හෙළීමටත් හැකි වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
ඒ අනුව ඉදිරියේදී විද්වත් සංගම් සමඟ සාකච්ඡා කර ඖෂධ නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආණ්ඩුව සූදානම් වනවා.