“රුපියල ඉහළ යෑම මගින් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ” – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

“රුපියල ඉහළ යෑම මගින් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ” – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

රුපියල ඉහළ යෑම මගින් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කිරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ විදේශ විනිමය අනුපාතය නිර්මාණය වීම මගින් සමස්ත ආර්ථිකයම පිළිබිඹු නොවන බවයි.

“මේ සමාජයේ ප්‍රවෘත්තියක් තිබෙනවා රුපියල, ඩොලරයට සාපේක්ෂව අධි ප්‍රමාණය වුණු බවට. මේ අනුව ආර්ථිකය ස්ථායීකරණයට පත්වෙනවා කියන මතය සමාජයේ පැතිරෙනවා. මේ වගේ එක දර්ශකයකින්, ඒ කියන්නේ රුපියල ඉහළ යෑම මගින් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ.

අපි තේරුම් ගත යුතු කරුණක් තමයි එවැනි අනුපාතයක් බලපානවා, ආනයනය කරන භාණ්ඩවල මිල ගණන්වලටද ඒ වගේම අපනයනකරුවන්ට. විදේශ විනිමය මුදල් පවත්වාගෙන යන අයට. ඒ අනුව විනිමය අනුපාත එකවර කඩා වැටීම හෝ ඉහළ යෑම දෙකම හොඳ නැහැ.” යනුවෙන් ද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා.

Share This