රුපියල ගැන ජනපති සතුටින්

රුපියල ගැන ජනපති සතුටින්

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. .

ඒ අනුව සෘණ ආර්ථික වර්ධන වේගයක් පැවති රටේ මේ වන විට ආර්ථිකය ශක්තිමත් වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

බස්නාහිර පළාත් උපාධිධාරී ගුරුවරුන් 2,320 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.

දැනට ඩොලරය වටිනාකම රුපියල 300ක් වන අතර ඉදිරියේදී ඩොලරය රුපියල 280ක් කර ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This