රුසියානු ජනපති චීනයට

රුසියානු ජනපති චීනයට

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ලබන සතියේ චීනයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ ලබන 17 සහ -18 යන දිනවල බීජිං හි පැවැත්වෙන බෙල්ට් ඇන්ඩ් රෝඩ් සංසදයට (Belt and Road Forum) සහභාගී වීම සඳහායි

එම සංචාරය තුළදී චීන ජනාධිපති ෂී ජින් පිං හමු වීමට නියමිතව තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඔහු සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Share This