රුසියානු බෝම්බ ප්‍රහාර මැද දරුවා බිහිකළ යුක්‍රේනයේ ඇනා

රුසියානු බෝම්බ ප්‍රහාර මැද දරුවා බිහිකළ යුක්‍රේනයේ ඇනා

යුද්ධය ආරම්භයේ සිටම කියෙව් අගනුවරට කිලෝමීටර් 30ක් (සැතපුම් 18.5ක්) දුරින් පිහිටි බුචා නගරය බෝම්බ ප්‍රහාරවලට ලක් වුණු කුඩා නගරයක්.

බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙමින් තිබෙන අතරතුරදී  විසි එක් හැවිරිදි ඇනා ටිම්චෙන්කෝ පැය ගණනාවක ප්‍රසව වේදනාවෙන් පසු දරුවකු බිහිකර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

බෝම්බ ප්‍රහාර නිසා ඇගේ මහල් නිවාසය සෙලවෙමින් තිබුණු අතර ඇය සහ ඇගේ සැමියා විදුලිය, ජලය හෝ වෛද්‍යවරයා නොමැතිව මහල් නිවාසය තුළ සිරවී සිටි බවයි පැවසෙන්නේ

ඇනා ,ඇගේ සැමියා සහ සහෝදරයා සමග ඔවුන්ගේ මහල් නිවාසයේ බිම් මහලේ සිටි අතර විදුලිය විසන්ධි වී උණුසුම් යන්ත්‍ර  ක්‍රියා විරහිත වීමෙන් දැඩි සීතලකට මුහුණ දී තිබෙනවා

පසුව ඔවුන් මෝටර් රථයකින් පැන යාමට උත්සාහ කරත් රුසියානු හමුදා වාහන ඔවුන් දෙසට එන බව දැනගෙන ආපසු වාහනය හරවා ගෙන මහල් නිවාසයට ගිය බවයි පවසන්නේ

ඇනා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ  “මම ප්‍රිය කළේ නිවසේ දී දරු ප්‍රසූතියට මිස දූවිලි සහිත බිම් මහලක නොවේ. මට හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා, මගේ පෙනහළු රිදෙන්න ගත්තා ,ප්‍රසව වේදනා දැනෙන්න ගත්තා

උපකාර සඳහා අසල්වැසියන්ට ඇමතුවා. ඔවුන් පැමිණීමට එකඟවුණා  නමුත් ඔවුන් කිසිවෙකුට ළදරුවන් බිහි කිරීමේ අත්දැකීමක් තිබුණේ නැහැ ,මගේ පළමු දරුවා නිසා මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.”

ඇනාගේ අසල්වැසියන් වෛද්‍ය කාර්යය මණ්ඩලය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් දුරකථන සංඥා දුර්වලවී තිබෙනවා

අවසානයේ ඔවුන් බැල්කනියේ සිට දුරකථන සංඥා ලබා ගැනීමෙන් පසු බුචාහි නාරිවේද වෛද්‍යවරයෙකු සමග සම්බන්ධ වී උපදෙස් ලබා ගෙන ඇති අතර රුසියානු මුර සංචාරකයන් විසින් ඔහුව නතර කර ඒමට අවස්ථාව ලබා දී නැති බවද සඳහන්

ඇනාගේ අසල්වැසියන් විසින්ම දරුවා බිහි කිරීමට උදව් කර ඇති අතර ඔවුන් පවසා තිබෙන්නේ “දරුවාගේ හිස එළියට එන විට අපි බය වුණා,ඇය නිල් පාටයි, අපි කුමක් කළ යුතු දැයි දැන සිටියේ නැහැ . මෘදු ලෙස දරුවාගේ හිස හරවා ඇය පිටතට ගත්තා ,ඇය මුලින්ම ඇඬුවේ නැහැ අපි ඇයට පහර දෙන්නට පටන් ගත්තා, පසුව ඇය ඇඬුවා,අපි හැමෝම ඔල්වරසන් දුන්නා.”යනුවෙනුයි

Share This