
රුසියාවට සහ ඔස්ට්‍රියාවට යන මෝදි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියාවේ සහ ඔස්ට්‍රියාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන 8 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
22 වන ඉන්දු-රුසියා වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනය පරිදි මෝදි මොස්කව් වෙත පැමිණෙන බව සඳහන්.
අවසන් ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වුණේ 2021 දෙසැම්බර් 6 වැනිදා නවදිල්ලියේ දී පැවැත්වුණා.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී රුසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් අතර සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.
අදාළ සංචාරයෙන් අනතුරුව ජූලි 9 වනදා සිට 10 වනදා දක්වා නරේන්ද්‍ර මෝදි ඔස්ට්‍රියා සංචාරය ආරම්භ කරන අතර වසර 41කට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු එරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන බව සඳහන්.