රුසියාවෙන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියාවෙන් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

බටහිර යුක්‍රේනයේ Lviv හි මහල් ගොඩනැගිල්ලකට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් 95 හැවිරිදි කාන්තාවක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය මේ වනවිට තහවුරු කරනවා .

Lviv නගරයේ සිවිල් යටිතල පහසුකම් වලට එල්ල වූ විශාලතම ප්‍රහාරයන්ගෙන් එකක් බව එහි නගරාධිපතිවරයා පවසනවා

තවත් 40 දෙනෙක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 35කටද හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර රුසියානු රාජ්‍ය රූපවාහිනිය ආරක්ෂක ඇකඩමියකට පහර දුන් බව පවසා සිටි නමුත් එම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ලබා දී නොතිබුණ බවද විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවට යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පොරොන්දු වී තිබෙන අතර
Lviv නගරයට දින දෙකක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This