රුසියාවෙන් චන්ද්‍රිකා නාශක අවියක්?

රුසියාවෙන් චන්ද්‍රිකා නාශක අවියක්?

රුසියාව පසුගිය සතියේ අභ්‍යවකාශ ගත කළ චන්ද්‍රිකාව මගින් අනෙක් චන්ද්‍රිකා ගවේෂණවලට ප්‍රහාර එල්ල කළ හැකි යැයි විශ්වාස කරන බව අමෙරිකාව පවසනවා.

එම චන්ද්‍රිකාව එක්සත් ජනපද රජයේ චන්ද්‍රිකාවක් මෙන් එකම කක්ෂයේ ඇති බවත් මේ නිසා වොෂින්ටනය දිගටම තත්ත්වය නිරීක්ෂණය කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකාව දිගින් දිගටම මේ තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළත් රුසියාව මෙතෙක් අදහස් දක්වා නැහැ.

ප්‍රතිවාදීන් දෙදෙනෙකු වන මොස්කව් සහ වොෂින්ටනය මෑත සතිවල එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ ආයුධ ප්‍රශ්නය සම්බන්ධයෙන් නැවත නැවතත් ගැටුම් ඇති කර ගත් අතර, අභ්‍යවකාශය මිලිටරිකරණය කිරීමට උත්සාහ කරන බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරමින් සිටිනවා.

රුසියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා කියා සිටියේ එක්සත් ජනපදය විසින් අභ්‍යවකාශය, මිලිටරි ගැටුමක් සඳහා පිටියක් බවට පත් කිරීමට උත්සහ කරමින් බවයි.

තාක්‍ෂණය මත යැපෙන ලෝකයක යුද්ධයේ මීළඟ මායිම අභ්‍යවකාශය විය හැකි බවට යුධ විශේෂඥයින් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This