රුසියාවෙන් යුක්‍රේනයට යළිත් ගුවන් ප්‍රහාර-තිදෙනෙකුට තුවාල (VIDEO)

රුසියාවෙන් යුක්‍රේනයට යළිත් ගුවන් ප්‍රහාර-තිදෙනෙකුට තුවාල (VIDEO)

යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියාව විසින් මේ මාසයේ අටවෙනි වතාවටත් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර, තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් පාන්දර 2.30ට නාද වීම ආරම්භ වී ඇති අතර පැය දෙකක කාලයක් පුරා එය තිබූ බවයි පැවසෙන්නේ

ගුවන් ආරක්ෂක පද්ධති නගරයට ඉහළින් එල්ල කළ මිසයිලවල සුන්බුන් අහසින් වැටෙන විට නිවෙස්වල ජනේලවලින් ඈත්ව සිටින ලෙස එරට රජය ජනතාවට දැනුම් දී තිබෙනවා .

නගරයේ සත්වෝද්‍යානය ඇතුළු මධ්‍යම දිස්ත්‍රික්කවල මිසයිලවල සුන්බුන් වැටී ඇති බව නගරාධිපතිවරයා පවසනවා

පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළ දා සිට සිවිල් වැසියන් සහ සටන්කාමීන් දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා තිබෙනවා

එමෙන්ම මිලියන 8.2 කට ආසන්න යුක්‍රේනියානුවන් යුරෝපයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This