රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

රුසියාව විසින් අද (11) යුක්‍රේනයේ කියෙව් කලාපයට හයිපර්සොනික් මිසයිල දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමෙන් පසුවයි මෙම මිසයිල ප්‍රහාරය එල්ල වී ඇත්තේ

Kyiv නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ජනතාවට පැවසුවේ නගරයේ පිපිරීම් සිදුවන හෙයින් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසයි

එමෙන්ම නගරයේ ළමා රෝහලක භූමියට බිම හෙළන ලද මිසයිල කොටස් කඩා වැටී ඇති අතර තුවාල හෝ හානි පිළිබඳ වාර්තා වී නොමැති බව ද Kyiv නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා

Share This