රුසියාවේ නගරයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි – 3,000කට අධික පිරිසක් නිවෙස්වලිනුත් ඉවත් කෙරේ

රුසියාවේ නගරයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි – 3,000කට අධික පිරිසක් නිවෙස්වලිනුත් ඉවත් කෙරේ

රුසියාවේ බෙල්ගොරොද් (Belgorod) නගරයේ පුපුරණ ද්‍රව්‍යයක් හමුවීමත් සමග පුද්ගලයන් 3000කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රුසියාව එම නගරයටම අහම්බෙන් බෝම්බයක් හෙළීමෙන් දින දෙකකට පසුව මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එම පුපුරණ ද්‍රව්‍ය සුකොයි 34 (Sukhoi-34) ප්‍රහාරක ජෙට් යානයෙන් වැටුණු ඒවා දැයි අනාවරණය වී නැහැ

ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ ගොඩනැගිලි 17ක් තුළ සිටි නිවැසියන් 3,000ක් මේ හේතුවෙන් තාවකාලිකව ඉවත් කිරීමට සිදු වූ බවයි.

රුසියානු ජෙට් යානා යුක්රේනයට ගමන් කිරීමේදී බෙල්ගොරොඩ් හරහා දිනපතා පියාසර කරන බව සඳහන්

Share This