රුසියාවේ ප්‍රහාර මැද ගෝලීය වෙළඳපොලේ තිරිඟු මිල ඉහළට

රුසියාවේ ප්‍රහාර මැද ගෝලීය වෙළඳපොලේ තිරිඟු මිල ඉහළට

යුක්‍රේන වරායන් වෙත යන නැව් ,ප්‍රහාර එල්ලකිරීම සඳහා වන මිලිටරි ඉලක්ක ලෙස සලකන බව රුසියාව ප්‍රකාශ කිරීමෙන් පසු ගෝලීය වෙළඳපොලේ තිරිඟු මිල ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ධාන්‍ය අපනයනය කරන ගනුදෙනුවෙන් නිල වශයෙන් රුසියාව ඉවත්වීමෙන් පසු යුක්‍රේනයේ වරායට ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ප්‍රහාර සම්බන්ධයෙන් රටවල් කිහිපයකම අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබෙන්නේ තම ඉල්ලීම් ඉටු වුවහොත් වහාම ධාන්‍ය ගිවිසුමට ආපසු පැමිණෙන බවයි.

යළිත් භාණ්ඩ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා මැදිහත් වන ලෙස Kyiv හි බලධාරීන් කලාපයේ අනෙකුත් රටවලින් ඉල්ලා සිටි බවද සඳහන් වනවා

යුක්‍රේනයේ කෘෂිකර්ම අමාත්‍ය මයිකොලා සොල්ස්කි පැවසුවේ ප්‍රහාරවලින් ධාන්‍ය ටොන් 60,000ක් විනාශ වී ඇති අතර ධාන්‍ය අපනයන යටිතල පහසුකම්වලින් සැලකිය යුතු කොටස් වලට හානි සිදුව ඇති බවයි.

Share This