රුසියාවේ සහ චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් මොස්කව්හිදි හමුවෙයි

රුසියාවේ සහ චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් මොස්කව්හිදි හමුවෙයි

මොස්කව්හි පැවති රැස්වීමකදී රුසියාවේ සහ චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ගේ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර මෙම සාකච්ඡා පැවති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය කියා සිටියේ යුක්‍රේනයේ ගැටුම විසඳීමේදී මොස්කව්හි අවශ්‍යතා සලකා බැලිය යුතු බවට ලැව්රොව් සහ වැන්ග් යි එකඟ වූ බවයි.

ඉදිරි සති කිහිපය තුළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බීජිං වෙත යාමට සැළසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This